BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
10 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ අනුරාධපුර තවත් හිමිනමකට බරපතළ වැඩසහිත සිරදඬුවමක්
දස හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව විත්තිකාර විහාරාධිපති හිමිනමක වරදකරු බවට, අධිකරණය තීන්දු කළේ ය. ඒ අනුව, විත්තිකාර විහාරාධිපති හිමිනමට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, ඊට අමතරව චෝදනා දෙකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් රුපියල් ලක්ෂ 5ක වන්දියක් වින්දිත දරුවාට ගෙවන ලෙසට ද නියෝග කළේ ය.
කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන් දෙදෙනා සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සාක්ෂි දෙති
පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු වෙනුවෙන් වෙනත් නඩුවකට පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අද (ජූනි 05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
'අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ එකක්': ජීවිත 12ක් අහිමි කළ ගින්න ගැන BBC අනාවරණය කරගත් තොරතුරු
"මෙම වැඩිහිටි ස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කර නොමැති බවත් 2024 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති මෙම වැඩිහිටි නිවාසයේ සේවය සඳහා හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පමණක් සිට ඇති බවත්, එහි මානසික ආබාධ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් 62 දෙදෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් 08 දෙනෙකු රැඳී සිට ඇති බව බීබීසී සිංහල කළ විමසීමකදී ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියේ."
ඉරානයේ බලගැන්වූ යුරේනියම් සංචිත ඇත්තේ කොහේ ද?
යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පැවැත්වෙන සාකච්ඡාවලදී ඉරානය සතු බලගැන්වූ යුරේනියම් සංචිත බරපතළ මතභේදාත්මක කරුණක් බවට පත්ව තිබේ. එහෙත්, ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වාර්තාවලට අනුව, මෙම ද්‍රව්‍යවල වත්මන් තත්ත්වය සහ ඒවා ගබඩා කර ඇති ස්ථානය මේ වන විට සංකීර්ණ අබිරහසක් බවට පත්ව ඇත.
බඩගින්නට කන කෙටි ආහාරවලින් ඔබේ ජීවිතය කෙටි වෙයි ද?
"ප්‍රධාන ආහාර වේල් හැරුණා ම භාවිත කරන කෙටි ආහාර අධික සීනි, ලුණු සහ තෙල් අඩංගු දේවල්. ඒවා රෝල්ස් වෙන්න පුළුවන්, පැටිස් වෙන්න පුළුවන්, එහෙම නැති නම් රස කළ බීම පැකට් එකක් වෙන්න පුළුවන්. මේ දේවල් පරිභෝජනය ස්ථූලභාවය වැඩි වීමට ප්‍රධාන හේතුවක්," යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ, පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ පැවසුවා ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Exclusive: ප්‍රමාදයට හේතු සොයා සාගරිකා දුම්රියෙන් බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට බීබීසීය ගිය ගමන
ප්‍රමාදයන් ගැන නිතර අසන්නට ලැබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය නිසා මගීන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා ගැන සොයා බැලීම සඳහා මැයි (25 වැනි සඳුදා) බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රියෙන් අපි කොළඹ කොටුව දක්වා පැමිණියෙමු.
ශ්‍රී මහ බෝධියේ වැලි මළුවේ ටෙරාකොටා ඇතිරීම: 'ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණි ම වෘක්ෂය අවදානමක'
ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් වශයෙන් ද වැදගත් වන අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වටා කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධියේ ජීවයට බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.
ඉන්ධන අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ප්‍රමාණවත් ද? සෙසු රටවල් ගෙන ඇති පියවර මොනවා ද?
අනිසි ලෙස ඉන්ධන රැස් කිරීම වැළැක්වීම, පරිභෝජනය අඩු කිරීම සහ ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා රජය ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට, පෙර පැවති QR කේත ක්‍රමය යළිත් ආරම්භ කළ අතර, ඊට අමතරව වාහන අංක අනුව ඔත්තේ - ඉරට්ටේ දින අනුව ඉන්ධන ලබා දීමට කටයුතු කළේ ය. තවමත් එම ක්‍රමවේද ක්‍රියාත්මක වුව ද ඒවා නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන අවස්ථා පිළිබඳව ද නිරන්තරයෙන් වාර්තා වේ.
වසර ගණනකට පසු කරළියට ආ ජාතික කලාභවනේ සිතුවම් 42ක් අතුරුදන් වීමේ සිද්ධිය: දැන් සිදුවන්නේ කුමක් ද?
දශකයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබෙන ජාතික කලාභවන සතු පෞරාණික චිත්‍ර කිහිපයක් අතුරුදන්ව ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අනාවරණය කළේ ය. ජාතික කලාභවන සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මැයි 21 වන දා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඒ බව පැවසීය.
වාහන අධිභාරය ගැන ජනපතිගේ ගැසට් පත්‍රය නිකුත් වීමට පෙර ව්‍යාපාරිකයින් අතට තොරතුරු ලැබුණා ද?
මැයි 15 වන දා, එනම්, අධිභාරය ක්‍රියාත්මක වීමට පෙර දින වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බව නිරෝෂන් පාදුක්ක පැවසීය. ඔහු චෝදනා කළේ, වාහන ආනයනකරුවන් දෙදෙනෙකු ණයවර ලිපි 3500ක් සහ 500ක් බැගින් විවෘත කර ඇති බව වාර්තා වන බව ය. ඒ අනුව, එම ව්‍යාපාරිකයින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර බද්ද සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීමක් සිදු කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.

